Type Here to Get Search Results !

අවුරුදු 08 ක දැරිය කෙලෙසන්න හැදූ 66යේ නාකියාට ලැබුනු දඩුවම


අවුරුදු 08 ක් වයසැති බාල වයස්කාර දැරියකගේ සිරුර ස්පර්ශ කර අතවර කිරීමේ චෝදනා සම්බන්ධයෙන් අධිකරණ නියමයෙන් රිමාන්ඩ් භාරයේ පසුවූ සැකකරුවකු රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හරින ලෙසට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් කේසර සී. ඒ. සමරදිවාකර මහතා පසුගිය 12 වැනිදා නියම කළේය.

පත්තඬුවන ප්‍රදේශයේ පදිංචි 66 හැවිරිදි විවාහක සැකකරුට මෙසේ ඇප නියම වූ අතර නැවත ඔක්තෝබර් මස 16 වැනිදාට අධිකරණයේ පෙනී සිටින ලෙසට නියම කෙරිණි.

සැකකරු වින්දිත දැරියව බිය ගන්වා සැකකරුගේ නිවසට එම දැරියව රැගෙන ගොස් අතවර කර ඇති බව මිනුවන්ගොඩ පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබුණි. 

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සරල කරුණාරත්න මහතා පොලිසිය ගොනුකර තිබූ චෝදනා ප්‍රතික්ෂේප කරනු ලැබීය.

Visit Now

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads