එංගලන්තයේ ලන්ඩන්හි බ්‍රයිටන් හා බ්‍රිස්ටල් නගරවල පවත්වනු ලැබූ 'නිරුවත් පා පැදි සවාරිය' මෙවරත් බොහෝ පිරිසකගේ සහභාගිත්වයෙන් පවත්වනු ලැබුවා.
මෙවර මෙම නිරුවත් පාපැදි සවාරිය පවත්වනු ලැබ ඇත්තේ, පරිසරය සුරක්ෂිත කිරීම, ෆොසිල ඉන්ධන භාවිතයට විරුද්ධ වීම යනාදි කරුණු මුලික කරගනිමිනුයි.
මෙහිදි පාපැදි සවාරියට සහභාගී වූ ඇතැම් තරඟකරුවන් ඇඳුම් නොමැතිවම ඊට එක්ව සිටි අතර තවත් පිරිසක් විවිධ අන්දමේ ඇඳුම් විලාසිතාවලින් සැරසී සිටියා.
එමෙන්ම බොහෝ පිරිසක් පරිසරය සුරැකීම තේමා කරගත් පණිවුඩ සිය සිරුර මත පින්තාරූ කරගෙන සිටින අයුරුද දැක ගත හැකිවුණා.
සෑම වසරක් පාසාම පවත්වනු ලබන මෙම නිරුවත් පාපැදි සවාරිය මුලින්ම 2006 වර්ෂයේ ආරම්භ වී ඇත්තේ මෝටර්රථ සංස්කෘතියට එරෙහිවයි.
