අද දිනයේ විශේෂ තැපැල් බෙදීම් දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ, රාජ්‍ය සේවයේ පුහුණුව සඳහා බඳවා ගන්නා උපාධිධාරීන්ගේ පත්වීම් ලිපි ඔවුන් වෙත ලබාදීම සඳහායි.
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු හා පළාත් සභා අමාත්‍යාංශයේ ලේකම් සිරිපාල හෙට්ටිආරච්චි කියා සිටියේ, ඒ අනුව අද දිනය තුළ උපාධිධාරීන්ගේ පුහුණු පත්වීම් ලිපිය ඔවුන් වෙත ලැබෙනු ඇති බවයි.
රාජ්‍ය සේවයේ පුහුණුව සඳහා බඳවා ගෙන ඇති උපාධිධාරීන් සංඛ්‍යාව 40,000 ක් වන අතර ඉන් 80% ක් ම පළාත් පාසල්වලට අනියුක්ත කරන බව ද ලේකම්වරයා සඳහන් කළා .
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, වසරක පුහුණුවෙන් පසු ඔවුන් රාජ්‍ය සේවයේ ස්ථිර පත්වීම් සඳහා බඳවා ගන්නා බවයි.