කොරෝනා වෛරසය ආසාදිත තෙවන මරණය ඊයේ (01) රාත්‍රියේ සිදු වූ අතර ඒ පුද්ගලයා පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා.
අදාළ මරණයට පත් වූ පුද්ගලයා 73 හැවිරිදි පිරිමි අයෙකු වන අතර ඔහු කොළඹ මරදාන ප්‍රදේශයේ පදිංචි රන් කර්මාන්තයේ නිරතව සිටි අයෙක් බවයි වාර්තා වන්නේ.
දේහයට මේ වන විට මුද්‍රාතබා ඇති අතර අටළුගමට සම්බන්ධකම් ඇති බවත් විමර්ශන වලින් අනාවරණය වී තිබෙනවා.
ඔහුද රෝගය වැලදී තිබියදී මරාදාන සහ ඒ අවට ප්‍රදේශ කිහිපයකම සැරිසරා ඇතැයි අනාවරණය වනවා.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ බුද්ධි අංශ එක්ව මෙම පුද්ගලයා ආගිය තැන් මෙන්ම ඇසුරු කළ පුද්ගලයින්ව හදුනා ගනිමින් සිටිනවා.
ශ්‍රී ජයවර්ධන පුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට රෝගියා හඳුනාගෙන ඊයේ (1) ඓඪ්H රෝහලට මාරු කරන අවස්ථාවේ ඔහු මිය ගොස් තිබෙනවා.
ඔහු දියවැඩියාව, අධික රුධිර පීඩනය, දීර්ඝකාලීන වකුගඩු අඩපණ වීම ආදී රෝග තත්ත්වයන්ගෙන් පෙලෙන ලද අයෙකු ද වනවා.


