ඇඳිරි නීතිය පනවා ජනතාව නිවෙස්වල තබමින් කොරෝනා පැරදවීම සඳහා වූ රජයේ උත්සාහය විනාශ කරනු දක්නට ලැබෙනවා.
ගම් මට්ටමින් මිනිසුන් කැඳවා රැස්වීම තබමින් මෙය බෙදා දෙන්නට පටන් ගෙන ඇති බවට කොළඹ ජනතාව චෝදනා කරනවා.
මේවනවිට කොරෝනා ආසාදිතයන් 115ක් කොළඹින් හමුව තිබියදී වතු ආශ්‍රිත ජනතාව කිසිදු සෞඛ්‍ය උපදෙසක් නොපිළිපදිමින් මෙලෙස රැස් කිරීමෙන් ඇතිවන අනතුර නොදකින්නේ ද යන්න ජනතාව ප්‍රශ්නය කර සිටිනවා.
අද (22) දිනයේ මේවනවිට රාජගිරිය ඔබේසේකර පුර ඇතුළු ප්‍රදේශ කිහිපයක මෙලෙස රුපියල් 5000 බෙදාදීම සඳහා ජනතාව ප්‍රජා ශාලා වැනි ස්ථාන සඳහා කැඳවා ඇති අතර ඊයේ (21) ඔබේසේකරපුර ප්‍රදේශයේ ග්‍රාමෝදය මවත, වජිරවංස මාවත, ගෝමස් ගාඩන් යන ප්‍රදේශ සඳහා පැවති එවැනි බෙදා දිමක රැස්වීමක් සහ ඡායාරූප පහතින් දැක්වෙනවා.
සංවිධායකයන් කටයුත්තෙන් අනතුරුව පැමිණි අයට ස්තුති කරමින් දක්වා තිබුනේ පහත පරිදියි.
‘අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේත් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේත් උදාර සංකල්පයකට අනුව කොරෝනා වෛරසයෙන් අසරණ ජනතාව උදෙසා රුපියල් 5000 දීමනාව ලබාදීම.ගරු නගරාධිපතිතුමාගේ උපදෙස් පිට ඔබේසේකරපුර ප්‍රජා ශාලාවේ දී ග්‍රාමෝදය මවත.වජිරවංස මාවත ගෝමස් ගාඩන් යන ප්‍රදේශ සඳහා අද දින ලබා දෙන ලදී. එම කාර්ය සාර්ථක කර ගැනීම සඳහා ප්‍රාදේශීය ලේකම් තුමිය ප්‍රධාන ග්‍රාම නිලධාරී තුමිය ඇතුළු නිලධාරීන්ට මාගේ ස්තූතිය.’




