Type Here to Get Search Results !

නිවාඩු පිට හිටපු කෙසෙල්වත්තේ නියාමකවරයෙක් බන්ධනාගාර තුනකට ගිහිල්ලා - බන්ධනාගාර තුනම කොරෝනා බියෙන්


කොළඹ කෙසෙල්වත්ත පොලිස් ස්ථානය ආසන්නයේ පදිංචි බන්ධනාගාර නියාමකවරයකු පසුගිය දිනවල බන්ධනාගාරයට පැමිණ බැරැක්කවලට ගොස් අනෙකුත් නිලධාරීන් සමග කැරම් ආදී විවිධ ක‍්‍රීඩාවල යෙදී සමීපව කටයුතු කිරීම නිසා මේ වන විට වැලිකඩ, මැගසින් සහ කොළඹ රිමාන්ඞ් යන බන්ධනාගාර තුනේම නිලධාරීන් අතරේ දැඩි කොරෝනා බියක් පැතිර ගොස් තිබෙනවා.
advertisement
මැගසින් බන්ධනාගාරයේ රාජකාරී කරන නියාමකවරයකු වන මෙම නිලධාරියාට පවතින තත්ත්වය හමුවේ බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් නිවාඩු ලබා දී තිබියදී ඔහු මෙසේ බන්ධනාගාරයට පැමිණ සෙසු නිලධාරීන් ඇසුරු කර ඇතැයි උසස් බන්ධනාගාර නිලධාරියෙක් සඳහන් කළා.
නමගිය පාතාල මත්කුඩු ජාවාරම්කරුවකුගේ බිරිදගේ නැගණියක් සමග සමීප සබදතාවක් පවත්වාගෙන යන මෙම නිලධාරියා මීට පෙර වැලිකඩ බන්ධනාගාරයේ රාජකාරි කරමින් සිටියදී විනය විරෝධී කි‍්‍රයා හේතුවෙන් මැගසින් බන්ධනාගාරයට මාරු කළ අයකු බවද බන්ධනාගාර නිලධාරීහු පවසනවා.
ඇතිවී තිබෙන තත්ත්වය හමුවේ රාජකාරි අවසන් කරන බන්ධනාගාර නිලධාරීන් මේ වන විට සිය අඹු දරුවන් කොරෝනාවට බිලි වෙතැයි භීතියෙන් නිවෙස් වෙත යෑමටද බයක් දක්වන බව ඉහත උසස් බන්ධනාගාර නිලධාරියා සදහන් කළා.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads