පෙරේදා (21) දිනයේදී බොරලැස්ගමුව සහ පිළියන්දල ප්‍රදේශවලින් වාර්තා වුණු රෝගීන් දෙදෙනාට කොරෝනා වෛරසය ආසාදනය වූ ආකාරය පිළිබඳ තවමත් විමර්ශන සිදු කෙරෙමින් පවතින බව හමුදාපති ෂවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
අනිත් එක පිළියන්දල. ඒ පිළියන්දල මාළු ව්‍යාපාරික කටයුතු කරපු පුද්ගලයා වෙනුවෙන් අපි ඉස්සෙල්ලම ඊයෙ දවල් කාලයේ විෂබීජහරණය කෙරෙව්වා පෑලියගොඩ වෙළඳ මධ්‍යස්ථානය. ඊට අමතරව ඒකෙත් ඔහු ගමන් කරලා තිබුණෙ එක ලේන් එකක් පමණයි, කඩ කීපයකට. ඔවුන් හඳුනාගෙන ඔවුනුත් වෙන් කරලා පරීක්ෂණ කිරීමට කටයුතු කරලා තිබෙනවා. ඊටත් අමතරව ඔහු ආශ්‍රය කරපු සහ ඔහු ගියපු ස්ථානවල අයවලුන් 23 දෙනෙක් යුධ හමුදාව විසින් අලුතින් වැලිසර ප්‍රදේශයේ ආරම්භ කරපු නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කළා" යනුවෙන් ඒ මහතා ප්‍රකාශ කළේය.
හමුදාපතිවරයා මේ බව පැවසුවේ අද (21) උදෑසන පෞද්ගලික රූපවාහිනී නාලිකාවක වැඩසටහනක් සමඟ සම්බන්ධ වෙමිනි.


