Type Here to Get Search Results !

පිරිමි අයට අවදානම්.. කොරෝනා වෛරසය ගැන අලුත්ම සොයා ගැනීම්


නව කොරෝනා වයිරසය දරුණු රෝගවලින් පෙළෙන රෝගීන්ගේ සිරුරු තුළ සති තුනක් තරම් කාලයක් පවතින බවට පර්යේෂණයකින් හෙළිව තිබෙනවා.
එවැනි රෝගීන්ගේ පෙණහලුවල මෙන්ම මළපහ තුළ ගැඹුරෙන් කොරෝනා වෛරසය සොයා ගත හැකි බවත් එය පවතින තාක් ඔවුන්ව රෝගීව සිටින බවයි චීනයේ, ෂෙජීයැන් ප්‍රාන්ත රෝහලක වෛද්‍ය පර්යේෂක කණ්ඩායමක් විසින් අනාවරණය කර ගෙන ඇත්තේ.
advertisement
එවැනි දරුණු රෝග ලක්ෂණ සහිත රෝගීන් ගේ රුධිරයේ වෛරසය ඇති බවට සොයා ගැනීම කලාතුරකින් සිදුවූ බවත් මුත්‍රා සාම්පල් පරීක්ෂණ මගින් ඔවුන්ට වෛරසය ඇති බවට අනාවරණය වුයේ අඩකට සමාන අවස්ථා වලදී බවයි එම පර්යේෂකයින් සඳහන් කර සිටියේ.
මෙම පර්යේෂණය මගින් කොරෝනා වෛරසයේ රෝග රටාව සම්බන්ධයෙන් තවත් එක් ප්‍රබල සාක්ෂියක් සපයා ඇති බවයි වෛද්‍යවරුන් පවසන්නේ.
ඉකුත් ජනවාරි මාසයේ සිට මාර්තු මාසය දක්වා වූ කාලසීමාව තුල රෝගීන් 96 දෙනෙක් යොදා ගනිමින් මෙම පර්යේෂකයින් සිය පරීක්ෂණ සිදුකර ඇත.
එහිදී රෝගී පුද්ගලයින් ගේ උගුර, නාසය, ශ්වසන පද්ධතිය, මළපහ සහ මුත්‍රා සාම්පල් පරික්ෂාවට ලක් කර ඇත.
එමගින් කොරෝනා වෛරසය කොපමණ කාලයක් මිනිස් සිරුරේ පැවතිය හැකි බවටද යන්න සහ එහි ව්‍යාප්තිය කුමන ආකාරයෙන් සිදුවන්නේද යන්න සම්බන්ධයෙන් අධ්‍යනය කර ඇත.
මෙම පර්යේෂණයේදී හෙළිව ඇති තවත් ප්‍රබල කරුණක් වන්නේ රෝගී පුද්ගලයෙකුගේ මළපහ මගින් වෙනත් නිරෝගී පුද්ගලයෙකුට එය ව්‍යාප්ත වීමට හැකි බවයි.
එමෙන්ම කාන්තාවකට සාපේක්ෂව වඩා වැඩි කාලයක් පිරිමි පුද්ගලයින් ගේ ශරිරය තුල කොරෝනා වෛරසය පවතින බවට මෙහිදී පර්යේෂකයින් අනාවරණය කර ගෙන තිබෙනවා.
ඒ අනුව වෛරසය වැඩි කාලයක් පිරිමි පුද්ගලයින්ගේ ශරිරය තුල පැවතීම නිසා හේතුවෙන් ඔවුන්ට බරපතල තත්ත්වයක් ඇති වන බවට සොයා ගෙන ඇත.
එමෙන්ම කාන්තාවන් සහ පිරිමි පුද්ගලයින් අතර ප්‍රතිශක්තිකරණ තත්ත්වයේ ඇති වෙනස්කම් සහ හෝමෝන මට්ටමද ඊට බලපාන බවට පර්යේෂකයින් මෙහිදී තොරතුරු අනාවරණය කර ගෙන ඇත.
විශේෂයෙන්ම කොරෝනා වෛරසය දරුණු රෝගී තත්ත්වයන් ගෙන පෙලෙන පුද්ගලන්ගේ ශ්වසන පද්ධතියේ ගැඹුරුම කොටසෙ පවතින බවට මෙහිදී අනාවරණය වී ඇත

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads