Type Here to Get Search Results !

කොරෝනා ආසාදිතයන්ට නාවික හමුදාවෙන් හදපු උපකරණය


නව කොරෝනා වෛරසය ආසාධිත පුද්ගලයින් සඳහා ප්‍රථිකාර ලබා දීමට හැකි දුරස්ථ පාලකයකින් ක්‍රියා කරනු ලබන මෙඩි මේට් (Medimate) නම් ස්වයංක්‍රීය උපකරණයක් නාවික හමුදාව විසින් නිෂ්පාදනය කර තිබෙනවා.
කොරෝනා වෛරසය ආසාධිත පුද්ගලයින් සමීපයට නොගොස් ප්‍රථිකාර ලබා දිය හැකි දුරස්ථ පාලකයකින් ක්‍රියා කරනු ලබන මෙඩි මේට් (Medimate) නම් ස්වයංක්‍රීය උපකරණයක් නව නිපැයුම් කරුවකු වන තුෂාර කැළුම් වාදසිංහ ගේ මූලික සංකල්පයකට අනුව නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් නව තාක්‍ෂණය උපයෝගී කර ගනිමින් වැඩිදියුණු කර නිපදවන ලද අතර, එම උපකරණය නෙවිල් ප්‍රනාන්දු රෝහල වෙත භාර දීම අද (08) සිදු කරනු ලැබුවා.
රටතුල පැතිරී යන කොරෝනා වෛරසය මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව විසින් මේ වන විට වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇත. තවද, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ සංකල්පයක් මත නව නිපැයුම්කරුවන් දිරිමත් කරමින් ඔවුන් හට නව තාක්‍ෂණය සහ පහසුකම් නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය හරහා ලබා දෙමින් ඔවුන්ගේ නිර්මාණ කාලානෝචිත ලෙස එලිදැක්වීම සඳහා ඵලදායි ලෙස අවස්ථාවක් ලබා දෙමින් වෛද්‍ය කාර්ය මණ්ඩලයන් හ‍ට කොරෝනා ආසාධිත රෝගීන් අසලට නොගොස් ඔවුන් වෙත අවශ්‍ය ප්‍රථිකාර ලබාදිය හැකි දුරස්ථ පාලකයකින් ක්‍රියා කරනු ලබන මෙඩි මේඩ් (Medimate) ස්වයංක්‍රීය උපකරණය නිශ්පාදනය කිරීමට කටයුතු කර තිබෙනවා.
විශේෂයෙන් මෙම උපකරණය මගින් වෛද්‍යවරුන්හට රෝගීන් අසලට නොගොස් ඔවුන්ගේ රෝග ලක්‍ෂණ විනිශ්චය කිරීමට සහ ඔවුන් සමඟ කථා කිරීමටත්, රෝගීන් හට අවශ්‍ය ‍‍ඖෂධ ලබා දීමටත්, ඔවුන්ගේ ආහාර පාන ඇතුළු අනෙකුත් අවශ්‍යතාවයන් ඉටුකර දීමටත්, හැකියාව ඇතිබෙනවා.
ඒ අනුව වෛරසය ආසාදිත රෝගීන් මගින් වෛද්‍ය කාර්යමණ්ඩල සහ අනෙකුත් රෝහල් කාර්යමණ්ඩලය වෙත වෛරසය ආසාධනය වීමට ඇති ඉඩ ප්‍රස්ථාව මෙමගින් අවම කිරීමට හැකියාව ලැබෙනු ඇත. ‍මෙම උපකරණය මගින් පහසුකම් ලබා ගැනීමට ප්‍රථම එය භාවිතා කරන්නාගේ දෑත් විෂබීජ හරණය කිරීම සඳහා ස්වයංක්‍රීය දෑත් විෂබීජහරණ උපකරණයක්ද මෙම යන්ත්‍රය සතුව පවතිනවා.
මෙම සියළු පහසුකම් වලින් සමන්විත මෙම උපකරණය කොරෝනා වෛරසය ආසාදිතයැයි සැක කරන පුද්ගලයින් සඳහා ප්‍රතිකාර සිදු කරන නෙවිල් ප්‍රනාන්දු රෝහල වෙත භාර දීම අද (08) අධ්‍යක්‍ෂ නාවික විදුලි හා විද්‍යුත් (වේග ප්‍රහාරක සහ බලශක්ති) සහ අධ්‍යක්‍ෂ නාවික විදුලි හා විද්‍යුත් ඉංජිනේරු (දියත් හා අවි) සහ (පරිපාලන හා උපයෝගීතා) කොමදෝරු (විදුලි) කමල් බෝබුගලගේ ප්‍රධානත්වයෙන් සිදු කළා.
නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් මීට පෙරද විෂබීජහරණය කල හැකි කුටියක් නිර්මාණය කිරීමට කටයුතු කරන ලද අතර, එම කුටිය තව තවත් වැඩි දියුණු කරමින් මේ වන විට කළුබෝවිල ශික්‍ෂණ රෝහල, නෙවිල් ප්‍රනාන්දු රෝහල සහ කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල රෝහල යන ස්ථානයන්හි ස්ථාපනය කිරීමටද නාවික හමුදාව කටයුතු කළා.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads