රත්නපුර හා පැල්මඩුල්ල පොලිස් බලප්‍රදේශ සඳහා දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු බලාත්මක ක්‍රියාත්මක කරන බව පොලිසිය නිවේදනය කර සිටිනවා.
එම බලප්‍රදේශ හරහා ගමනාගමනය සම්පුර්ණයෙන්ම තහනම් කර ඇති බව සඳහන්..
රත්නපුර ප්‍රදේශයේ මිනික් ව්‍යාපාරිකයෙකු පසුගිය දා කොරෝනා වැළඳී සිටි අතර ඊයේ (8) දිනයේද තවත් පිරිසක් රත්නපුරෙන් කොරෝනා අසාදනය වී සොයා ගත්තා.
මේ අතර කොරෝනා රෝග ලක්ෂණ සහිත රෝගියෙකු පැමිණීම හේතුවෙන් මන්නාරම තාරාපුරම් ගම්මානය අ තාවකාලිකව වසා දැමීමට කටයුතු කළ බව මන්නාරම මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් ප්‍රකාශ කර සිටිනවා.
පුත්තලම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට කොරෝනා රෝග ලක්ෂ මතුවීමත් සමඟ අදාළ පුද්ගලයා ගමන්කළ ස්ථාන සම්බන්ධයෙන් කළ සොයා බැලීමක් අනුව තාරාපුරම් ගම්මානය වසා දැමීමට තීරණය කොට ඇති බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් සඳහන් කර සිටියේ.
කොරෝනා රෝග ලක්ෂණ මතුවු පුත්තලම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු පසුගිය 18 වැනිදා මන්නාරම තාරාපුරම් ප්‍රදේශයේ පැවති අවමංගල්‍ය උත්සවයකට පැමිණි බවට තොරතුරු අනාවරණය වීමත් සමඟ එම තීරණය ගෙන ඇති බවයි මන්නාරම මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය සඳහන් කලේ.
එම අවමංගල්‍ය උත්සවයට හිටපු නියෝජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන්ද සහභාගිවී ඇති බවට ලද තොරතුරු මත ඔහුට සිය නිවසේ සිට ස්වයං නිරෝධායනය වන ලෙසට උපදෙස් ලබාදි ඇති බවද වවුනියාව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් ප්‍රකාශ කර සිටි බවයි අප නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කලේ.