Type Here to Get Search Results !

ජාතික රෝහලේ හෙද නිලධාරීනිය නිසා 300ක් කොරෝනා අවධානමේ - ජනපතිට ලිපියක් යවයි


ජාතික රෝහලේ විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරීනියකට කොරෝනා ආසාධනය වී ඇති බව සඳහන් කර පසුව කොරෝනා වැළඳී නොමැති බව සඳහන් කිරීමෙන් සැකයක් මතුව ඇති බව රජයේ හෙද නිලධාරින්ගේ සංගමය ජනාධිපවරයාට ලිපියක් යවමින් සඳහන් කර තිබෙනවා.
කොවිඩ් 19 වසංගතයට සේවය කරන සෞඛ්‍ය නිලධාරින්ට පීසීආර් පරික්ෂණ නියමිත පරිදි නොකිරීම සම්බන්ධයෙන් ගැටළු මතු වී ඇති බව ද එම ලිපියේ සඳහන් වනවා.
advertisement
එම ලිපියේ අඩංගු කරුණු පහතින් දැක්වෙනවා.
‘ශ්‍රී ලංකා ජාතික රෝහලේ 2020/05/05 දින covid19 රෝගීන් තිදෙනෙකු වාර්තා වූ අතර විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරීනියකටත් අසාධනය වී ඇති බව තහවුරු කලද , පසුව දෙවන පරීක්ෂණයේදී එසේ නොවන බවට තහවුරු විය. PCR පරීක්ෂණයේ සංවේදීතාව 70% වන අතර මෙම පරීක්ෂණ දෙකෙන් කුමක් නිවැරදිදැයි සැකයක් මතු වේ. එබැවින් ඇයට තව දුරටත් තෙවන පරීක්ෂණයට භාජනය කලයුතු බව අපගේ අදහසයි.
එසේම ඇයගේ අධීක්ෂණය යටතේ සේවය කරන 300ක් පමණ හෙද කාර්ය මණ්ඩලය ද මේ වනවිට අවධානම් තත්වයකට මුහුණ දී ඇත.
මෙහිදී ජාතික රෝහලේ 2020/05/05 දිනය තුල 25 දෙනෙකුගෙන් පමණ නිදර්ශක ලබා ගනිමින් පරික්ෂා කලද , අනෙක් අයගේ සාම්පල පරික්ෂා කිරීමක් සිදු නොවිය. එසේම රෝගීන් හමුවූ වාට්ටු අංක 48, 45 යන වාට්ටු වල හෙද නිලධාරීන්ගේ ආරක්ෂාව සඳහා පරීක්ෂණ සිදුකිරීමට හෝ නිරෝධායනයට ලක්කිරීම වැනි ආරක්‍ෂිත පියවර කිසිවක් මේවන විට ක්‍රියාත්මක කර නොමැත . විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරීනියගේ තත්වය එසේ වුවද , පවතින තත්වය හමුවේ ඇය පාලනය කල එම ඒකකය , වාට්ටු හා ඒකක විෂබීජ හරණය කිරීම වැනි ආරක්‍ෂිත පියවරද කිසිවක් මේවන විට ගෙන නොමැති වීම ඔවුන් අනතුරේ හෙළීමකි.’

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads