Type Here to Get Search Results !

පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි විසින් පොදු වෙළදපොළ - මත්ස්‍ය අලේවිසැල් සියල්ලම වසා දමයි


පුත්තලම මධ්‍යම පොදු වෙළද සැල ,මත්ස්‍ය අලේවි සැල් සේම , මාර්ගය ආසන්නයේ දිනපතා පොළද වහාම නවත් දැමිමට පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි චන්රු  ප්‍රනාන්දු මහතා ( 11 ) කටයුතු කෙරුණී .

අද (11 ) දින ඇදිරි නීතිය ඉවත් කිරිමත් සමග පුත්තලම නගරයේ මධ්‍යම පොදු වෙළද සැල් හා , මත්ස්‍ය අලේවි සැල් හා දිනපතා එළවළු හා පළතුරු අලේවි සැල් සියල්ලම විවෘත විමත් සමග ජනතාව විශාල ලෙස එක් විමත් සමග වහාම එය වැලැක්විම සදහා මෙම ක්‍රියා මාර්ගය ගෙන තිබුණි.

advertisement
පුත්තලම පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එන් .සුරේෂ මහතාගේ මෙහෙය විමේන් පුත්තලම මහජන සෞඛ්‍ය පරික්ෂක වරුන් වන ධනංජය මනෝජ් ., හා  අසංක නාමල් යන මහත්වරුන් සමග පුත්තලම මුලස්ථාන පොලිසියේ නිළධාරින් අදාල කටයුතු සදහා එක්වි තිබුණි.

දිනපතා වෙළද පොල තුළ වෙළදුන් ඉවත් කලද එම වෙළදුන්ට වෙනත් ස්ථාන වල ජනතාව රැස් නොවන ආකාරයට වෙළදාම් කිරිමටද අවස්ථාව ඇති බව මෙහිදි මහජන සෞඛ්‍ය පරික්ෂක වරුන් වෙළදාම් කල පිරිස් දැනුවත් කිරිමද සිදුවිණි.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads