Type Here to Get Search Results !

වැටුප් පරිත්‍යාගය ගැන රජයෙන් නිවේදනයක්


දිනක වැටුප රජයට පරිත්‍යාග කිරීමේ ඉල්ලීම ත්‍රිවිධ හමුදාව, පොලීසීය සහ සිවිල් ආරක්ෂ නිලධාරීන්ට අදාළ නොවන බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

advertisement
නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් අදාළ ආයතනවල ප්‍රධානීන්ට උපදෙස් දී ඇති බව ය.

මැයි මස වැටුපෙන් යම් ප්‍රමාණයක් අඩක්, සතියක හෝ දිනක වැටුප රජය වෙනුවෙන් පරිත්‍යාග කරන්නැයි ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා පසුගිය සතියේ ඉල්ලීමක් කළේ ය.

ඒ, කොරෝනා වසංගතයත් සමග රට තුළ මතුව ඇති මූල්‍යමය අපහසුතාවන් මගහරවා ගැනීම සඳහා ය.

එම ඉල්ලීම සෙබළුන්, නැවියන්, ගුවන් භටයින්, පොලිස් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සාමාජිකයින් සඳහා අදාළ නොවන බව ආරක්ෂක ලේකම්වරයා අවධාරණය කළේ ය.


Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads