Type Here to Get Search Results !

වෙසක් පෝදා සුනඛයෙකු වෙඩි තබා ඝාතනය කෙරේ..!



මිගමුව පෙරියමුල්ල ශා අන්තෝනි පාරේ නිවසක සුරතලයට ඇතිදැඩි කළ සුනඛයෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ. බ්‍රිටෝ ප්‍රනාන්දු මහතා මේ ඝාතනය පිළිබදව මෙසේ මාධ්‍යයට අදහස් දක්වා සිටියේය.

advertisement
"මේ බල්ලා හැමදාම මම ලගට ඇවිත් උදේට කෙදිරිගානව එයාව එළියට යවන්න කියල . අපි සාමාන්‍යයෙන් මේ දවස්වල යවන්නේ නැ . ගෙදර දුවලත් කියනවා යවන්න එපා කියල. මට කරදර කරල ඌ ගේට්ටුව ලගට ගිහින් හිටියා මම එනකම් ගේට්ටුව අරින්න . මම එත් කියලත් ඇරියේ විනාඩි 5 ක් දෙන්නනම් ඉක්මන් එන්න ඕනා කියල. ඌ ගිහින් විනාඩි 10 ක් විතර යද්දි මට වෙඩි සද්දයක් ඇහුනා මම හිතුවා බල්ලට කරදයක්ද කියල මම ඉක්මනට පාරට ඇවිත් බලනකොටත් ඌ ලේ පෙරාගෙන ඇවිත් අපේ ගේ ඉස්සර ඇදගෙන වැටුනා මම උස්සල අතට ගත්තා මගේ අත ලෙවකාල තමයි උගේ පණගියේ".

සතුන්ට බෙහෙවින් ආදරය කරන බ්‍රිටෝ කියාගත හැකිවුයේ එපමණකි.


වෙසක් පෝදා මේ තිරිසන් ඝාතනය සිදුකරන්නට ඇතැයි යන චෝදනාව එල්ලවි ඇත්තේ ශා. අන්තෝනි පාරේ අංක 70 නිවසේ වෙසෙන විශ්‍රාමික පොලිස් නිලධාරියෙකු වෙතය .මාධ්‍ය හමුවේ බ්‍රිටෝ ප්‍රනාන්දු කියා සිටියේ "මේ පා⁣රේ කාටද තුවක්කු තියෙන්නේ කියල අපි හොයන්න ඕනේ තුවක්කුවක්පතියෙන කෙනෙක්නේ වෙඩි තියන්න ඇත්තේ".

මිට පෙරද මෙසේ සැකය එල්ල වි ඇති විශ්‍රාමික පොලිස් නිලධාරියාගේ නොමනා හැසිරිම් ගණනාවක් ගැන බ්‍රිටෝ සදහන් කර සිටියේය.⁣සිය සුරතලාගේ ඝාතනය පිලිබදව 119 අමතා දැනුම් දිමෙන් පසු පොලිසිය වහාම ක්‍රියාත්මකව තිබුන අතර මිගමුව මුලස්ථාන පොලිස් පරික්ෂක වුඩ්ලර් මහතාද එම ස්ථානයට පැමිණ අවශ්‍ය සියලු අංශ දැනුවත් කරමින් පරික්ෂණ මෙහෙයවිම සිදුකරගෙන යනු ලබයි.



Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads