Type Here to Get Search Results !

📷 බෙලිඅත්තේන් දුම්රියට අද එක් මගියෙක්


ඇඳිරිනීතිය අළුයම 5.00ට ලිහිල් කළද බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් එක් අයකු පමණක් අද දුම්රියෙන් ගමන් කිරීමට පැමිණ සිටියේය.

advertisement
මාස එකහමාරක පමණ කාලයකට පසු අද අළුයම 5.10ට බෙලිඅත්තේ සිට කොළඹ බලා දුම්රියක් ගමන් කළේය. කාර්යාලවල සේවය කරන අය සඳහා කොළඹ බලා ගමන් කිරීමට මෙම දුම්රිය යොදවා තිබූ අතර බෙලිඅත්තේ සිට දුම්රියෙන් ගමන් කිරීමට ලියාපදිංචි වී සිටියේ තිදෙනකු පමණි. කෙසේ වුවද මෙම තිදෙනාගෙන් දෙදෙනකුම පැමිණ නොසිටි අතර එක් අයකු පමණක් බෙලිඅත්තේ සිට ගමන් කළේය.

ලියාපදංචි නොවූ පුද්ගලයන් කිහිපදෙනකු දුම්රියෙන් ගමන් කිරීමට පැමිණි අතර ඔවුන් හරවා යැවීමට දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරිහු ක්රියා කළහ. මගීන්ගේ ශරීර උෂ්ණත්වය පරීක්ෂා කර නියමිත පරිදි ආසනවල වාඩි වීමට අවස්ථාව සලසා දුන් අතර යුධ හමුදා නිලධාරීන් මගීන්ගේ ආරක්ෂාව සඳහා දුම්රිය මැදිරි තුළ යොදවා සිටි ආකාරය දක්නට හැකිවිය.




Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads