රට විවෘත කිරීමෙන් පසු ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන බස්නාහිර පළාත සහ පුත්තලම දිස්ත්‍රික්කවල රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ රාජකාරි කටයුතු ආරම්භ කිරීමට අදාළ වැඩපිළිළෙ පොලිස් මූලස්ථානය ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව රාජ්‍ය සේවකයන් තම කාර්යාල වෙත උදෑසන 8.30ට පෙර වාර්තා කර පස්වරු 3-4ත් අතර කාලය තුළ නිවෙස් බලා පිටත්ව යාම උචිත බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.
පෞද්ගලික අංශයේ රාජකාරි පෙරවරු 10.00ට ආරම්භ වීමට නියමිතය. පෙරවරු 8.30න් පසු පෞද්ගලික අංශයේ සේවකයන් රාජකාරි කටයුතු සඳහා වර්තා කළ යුතුය. සවස 4-5 අතර කාලය තුළ ඔවුන්ට නිවෙස් බලා පිටව යා හැකි බව ඔහු සඳහන් කරනවා.
මාර්ග පරීක්ෂා කිරීමේදී ඇති වන තදබදය අවම කිරීම සඳහා මෙම කාල සීමාවන් හඳුන්වා දී ඇති අතර පොදු ප්‍රවාහන සේවාවන් සහ සේවා මුර ලෙසට කටයුතු කරන රාජ්‍ය, පෞද්ගලික, කර්මාන්ත ශාලා සේවකයන් සඳහා මෙම රීතිය බල නොපාන බව ඔහු අවධාරණය කර සිටියා.
* සේවා ස්ථාන කරා ගමන් කිරීමට ත්‍රිරෝද රථ සහ කුලී රථ යොදා ගත හැකිය.
* එම ත්‍රිරෝද රථ සහ කුලී රථවල ගමන් කරන අය සේවා ස්ථාන කරා ගමන් කරන බව සනාථ කළ යුතුය.
ත්‍රිරෝද රථයක ගමන් කළ හැකි උපරිම සංඛ්‍යාව දෙකකි. මෝටර් රථයක ගන් කළ හැකි සංඛ්‍යාව තුනකි.
*සේවා ස්ථානයේ හැඳුනුම්පතක් හෝ සේවයට කැඳවා ඇති බවට සනාථ කිරීමේ ලේඛනයක් සතු විය යුතුය.
* එම ලේඛන ලියවිල්ලකින් නොවුනත් වයිබර්, වට්ස්ඇප්, මාර්ගයෙන් හෝ විද්‍යුත් ලිපිනය මගින් එම සනාත කිරීමේ ලිපිය පෙන්විය යුතුය.
* ස්මාර්ට් දුරකථන නොමැති අය සිය ජංගම දුරකථනයට ආයතන ප්‍රධානියාගෙන් ලැබුණ එස්.එම්.එස්. පණිවුඩයක් හෝ සතු විය යුතුය.
* ජාතික හැඳුනුම්පතේ අංක භාවිත කරමින් ළඟම පිහිටි වෙළෙඳසලට හෝ ෆාමසියට යා හැකිය.
* සුපිරි වෙළෙඳසල් සහ සාමාන්‍ය වෙළෙඳසල් විවෘත කළ හැකිය.


