Type Here to Get Search Results !

වැලිගම මියගිය කාන්තාවක් මිහිදන් කිරීම පොලීසියෙන් තාවකාලිකව නතර කරයි



වැලිගම පෙදෙසේ මුස්ලිම් ජාතික කාන්තාවක් මිය යාමෙන් පසුව මිහිදන් කිරීම තාවකාලික නතර කිරිමට අද (07 ) දින පෙරවරුවේදි වැලිගම මුලස්ථාන පොලිසිය පියවර ගෙන තිබෙනවා.

වැලිගම අළුත් විදීය පෙදෙසේ පදිංචි වයස 54 හැවිරිදි කාන්තාවක් දීර්ඝ කාලයක සිට රෝගාතුරව ප්‍රතිකාර ලබමින් සිටි අතර එම කාන්තාව අද ( 7 ) දින උදැසන 6:00 පමණ අසාධ්‍ය තත්ත්වයේ සිටි බැවින් පුද්ගලික මෝටර් රථයක් මගින් වහාම මාතර නගරයේ පුද්ගලික රෝහලකට රැගෙන ගොස් තිබෙනවා.

එහිදී වෛද්‍ය උපදෙස් මත රජයේ රෝහලකට ඇතුළත් කිරීමට උපදෙස් ලබා දී තිබෙනවා.

එහෙත් එම කාන්තාව නැවත නිවස වෙත ගෙන එන අතරතුර මියගොස් තිබෙනවා.

අනතුරුව පවුලේ සමාජිකයන් සහ ඥාතිවරුන් විසින් මියගිය කාන්තාව මිහිදන් කිරිමට අවශ්‍ය කටයුතු සූදානම් වෙමින් සිට තිබෙනවා.

advertisement
එහිදී වැලිගම මූලස්ථාන පොලිසියට ලද තොරතුරක් මත වහාම ක්‍රියාත්මක වන පරිදි මිය ගිය කාන්තාවගේ සිරුර මිහිදන් කිරීම තාවකාලිකව නතර කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව වැලිගම මහජන සෞඛ්‍ය කාර්යාලයේ නිලධාරීන් සහ වැලිගම පොලිසියේ නිලධාරින් ගේ සහය මත මියගිය කාන්තාව සම්බන්ධයෙන් අදාළ මරණ පරීක්ෂණ වාර්තා ලබාගැනීම සදහා නැවත මියගිය කාන්තාවගේ මළ සිරුර මාතර රජයේ රෝහලට ගෙන යාමට පියවර ගෙන තිබෙනවා.
Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads