Type Here to Get Search Results !

පෞද්ගලික අංශ සේවකයින්ට සුබ පණිවිඩයක් රජයෙන්


කොරෝනා හේතුවෙන් පෞද්ගලික අංශයේ කිසිදු සේවකයකු රැකියාවෙන් ඉවත් නොකිරීමට තීරණය කර තිබෙනවා.
ඒ, කම්කරු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදීයි.
මෙහිදී පෞද්ගලික අංශයේ ආයතනවලට සහ ඒවායෙහි වැඩ කරන සේවක සේවිකාවන්ට බලපාන විශේෂ තීරණ රැසකට එළැඹුණු බවයි කම්කරු අමාත්‍යංශය නිවේදනය කළේ.
advertisement
ලබන සතියේ සිට රට තුළ ඇති සෑම පෞද්ගලික ආයතනයක්ම සෞඛ්‍ය උපදෙස් වලට මුල් තැන දෙමින් විවෘත කර පවත්වාගෙන යාම සහ කොරෝනා වෛරසයෙන් මෙරට වැඩබිම් ආරක්ෂා කර ගැනීමටත් අවධානය යොමු වී තිබෙනවා.
එමෙන්ම සේවයේ යෙදෙන කාලය සඳහා සේවා ගිවිසුම් අනුව ගෙවිය යුතු නියමිත දීමනා සමග වැටුප් ගෙවීමටත්, සේවයේ යොදවන තෙක් නිවසේ රැඳී සිටින කාලය සඳහා මූලික වැටුපෙන් 50% ක් හෝ රුපියල් 14500/= ක් යන දෙකින් වැඩි ප්‍රමාණය ගෙවීමටත් තීරණය වී තිබෙනවා.
සේවක අර්ථ සාධක අරමුදලේ සහ සේවක භාරකාර අරමුදලේ මුදල් නිසි පරිදි තැන්පත් කිරීමට ද තීරණය වී ඇති වී ඇති බවත් සඳහන්.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads