ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 824 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ තවත් ආසාදිතයෙක් හඳුනා ගැනීමත් සමඟයි.
ඊයේ (07) දිනයේදී රෝගීන් 27 දෙනෙක් වාර්තා වී තිබෙන බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කලේ.
මේ වන විට හමුවී ඇති කොරෝනා වෛරස් ආසාදිතයන්ගෙන් 583 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.
සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති ගණන 232 ක් වන අතර වාර්තාවී ඇති මරණ සංඛ්‍යාව 9 ක්.


