කුලියාපිටියෙන් කොරෝනා වෛරසය ආසාදිතයන් 11 දෙනකු හමුවීමත් සමගින් ගම්මාන 04 ක සංචරණය සීමා පැනවීමට පියවර ගෙන තිබෙනවා.
ගයියාල , ඌරුපිටිය, ඇන්නරුව සහා පල්ලේවල යන ගම්මාන 04ට මෙලෙස සංචරණ සීමා පනවා තිබෙනවා.
කුලියාපිටියේ පිහිටි දේවස්ථානයක පසුගිය දෙවැනිදා පැවැති මංගල උත්සවයකට මෙම පිරිස සහභාගී වී ඇති බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ.
එහි මනාල මහතාටද පසුගිය 12වැනි දා වෛසරය ආසාදනය වී තිබුණා.
කුලියාපිටිය ප්‍රදේශයේ විවාහ මංගල උත්සවයක මනාලයා ඇතුළු සිව් දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගැනීමත් සමග ඔවුන්ගේ ආශ්‍රිතයින් සම්බන්ධයෙන් සිදු කළ PCR පරික්ෂණවලදී මෙලෙස තවත් ආසාදිතයින් 11 දෙනෙකු හඳුනාගැනීමට හැකි වී තිබෙනවා.