Type Here to Get Search Results !

බස් රථයේ ගිය දෙදෙනෙක්ට කොරෝනා වැළඳේ – වලල්ලාවිට, මතුගම, අගලවත්ත ප්‍රදේශවලින් ආසාදිතයන් 13ක්


කලුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට, මතුගම, අගලවත්ත සෞඛ්‍ය බල ප්‍රදේශවලින් මේ වන විට කොවිඩ් වෛරසය ආසාදිතයන් 13 දෙනෙකු හමු වී ඇතැයි කළුතර දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසනවා.

ඒ අනුව එම ආශ්‍රිතයන් ගේ පීසීආර් පරීක්ෂණ 552 ක් මේ වන විට සිදු කර ඇති බවත්, එම ආශ්‍රිතයන් ගේ පවුල්වල පුද්ගලයන් 715 දෙනෙකු ස්වයං නිරෝධානයට ලක් කර ඇති බවත් අදාළ බලප්‍රදේශවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වලින් විමසීමේදී තහවුරු වුණා.

මෙහි දී බස් රථයේ ගමන් කළ පිරිස අතරින් මුලින්ම හඳුනාගත් පැලවත්ත හෙද නිලධාරීනියගේ ආශ්‍රිතයන් කිසිවෙකුට කෝවිඩ් වෛරසය ආසාදනය වී නොමැති බව ලබාගත් පීසීආර් තහවුරු වී ඇතැ යි වලල්ලාවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය මල්කා ගුණසිංහ මහත්මිය පැවසුවා.

මතුගම බදුගම,සහ යටදොලවත්ත ප්‍රදේශවලින් මුලින් හඳුනාගත් ආසාදිතයන් තිදෙනාගේ පළමු ආශ්‍රිතයන් 06 දෙනෙකුටත්, එම බස් රථයේ ගමන් ගත් අඟලවත්ත ප්‍රදේශයේ දෙදෙනෙකුටත් කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව ඉකුත් 15 හා 16 දින වාර්තා වූ බව මතුගම පරිපාලන මහජන සෞඛ්‍යය පරීක්ෂක ජී.ඩී. ලයනල් මහතා සඳහන් කළා.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads