Type Here to Get Search Results !

කුරුණෑගලත් පොලිස් බල ප‍්‍රදේශ 05කට ඇදිරි නීතිය පනවයි…


තවත් පොලිස් බල ප‍්‍රදේශ 05කට ඇදිරි නීතිය පනවන ලද බව හමුදාපති ශවේන්ද‍්‍ර සිල්වා මහතා පවසයි.

කොරෝනා ව්‍යාප්තිය පාලනය සදහා මෙසේ ඇදිරි නීතිය පනවා ඇත්තේ කුලියාපිටිය, නාරම්මල, ගිරිඋල්ල, පන්නල, දුම්මලසූරිය වන පොලිස් බල ප‍්‍රදේශ සදහායි.

මේ අතර කුලියාපිටිය ප්‍රදේශයේ පල්ලියක දේව මෙහෙයකට සහභාගී වූ 14 දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය සඳහන් කරන්නේ මෙම දේව මේ පවත්වා ඇත්තේ එම ප්‍රදේශය තුළ සංචාරණ සීමා පනවා තිබියදී බවයි.

නව ආසාදිතයන් දාහතර දෙනා සමග එම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් ආසාදිතයන් 25 දෙනෙකු වාර්තා වෙයි.

තවත් පිරිසකගේ කොරෝනා පරීක්ෂණ වාර්තා ලැබීමට නියමිතය.



 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads