Type Here to Get Search Results !

කොග්ගල කර්මාන්ත ශාලාවකින්ද කොරෝනා..


කොග්ගල පිහිටි Brandix ඇඟලුම් කර්මාන්ත ශාලාවකින් ද කොරෝනා ආසාදිතයකු හඳුනාගත් බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලාල් පනාපිටිය මහතා සඳහන් කරයි.

දැනට රෝහල් ගත කර සිටින රෝගීන් අතර එම පිරිස එම රෝගීන් ද සිටින බව ඔහු පැවසීය.

අද පෙරවරුවේ රූපවාහිනි නාළිකාවක් සමඟ එක්වෙමින් ඔහු සඳහන් කළේය.
advertisement

මේ වන විට බ්‍රැන්ඩික්ස් ආයතනයේ සියලු රෝගීන් හඳුනාගෙන ඇති බවත් අනෙකුත් සියලුම සේවක පිරිස් නිරෝධයට ලක්කර ඇති බවත් ඔහු සඳහන් කළේය.

මෙම රෝගීන් හැරුණු විට රට පුරා ප්‍රදේශ කිහිපයකින් රෝගීන් වාර්තා වීම හේතුවෙන් අද මෙරට තුළ යම්කිසි අවධානමක් ඇතිව තිබෙන බවද ඔහු පැවසීය.

නමුත් පෙර පරිදිම රෝගීන් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් වෙන්කර තැබීමට හඳුනා ගනිමින් සිටින බවද ඔහු පැවසුවේය.

කෙසේ නමුත් මෙහි සාර්ථකත්වයක් ලඟා කර ගැනීමට නම් මහජනතාවගේ කැපවීම අත්‍යවශ්‍ය බවද පැවසූ ඔහු සියලු දෙනාම එක හා සමානව කැප වුනොත් රට නැවත සාමාන්‍ය තත්ත්වයට පත්කර ගත හැකි යැයි ද කියා සිටියේ ය.

එසේ වුවද පෙර පරිදි අවශ්‍ය ප්‍රමාණයට වඩා සාමාන්‍යකරණය වීම සුදුසු නොවන බවද ඔහු පැවසීය.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads