පානදුර ප්‍රධාන පෙළේ ඇගලුම් කම්හලක අංශ දෙකක් වසා දමා ඇතැයි පානදුර නගරාධිපති නන්දන ගුණතිලක මහතා පවසනවා.
ඇගලුම්හලේ එම ඒකක දෙකෙහි සේවය කරන සේවිකාවන් දෙදෙනකුගේ ස්වාමි පුරුෂයන් මාළු ව්‍යාපාරිකයන් බව අනාවරණය වී ඇතැයිද, ඔවුන් දෙදෙනාට ද කොරෝනා ආසාදනය වී තිබීම හේතුවෙන්, මෙම පියවර ගත් බවද ඒ මහතා සඳහන් කළා.
ඇගලුම්හලේ සේවිකාවන් දෙදෙනා නිරෝධායනය කිරීමට පියවර ගෙන තිබෙනවා.


