රත්නපුර මාළු වෙළෙද පොළ වසා දැමිමට රත්නපුර මහ නගර සභාව අද තීරණය කර තිබෙනවා.
ඒ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද මධ්‍යස්ථානයට ගිය රත්නපුර නගර සීමාවේ පදිංචි පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදිත බවට තහවුරු වීමත් සමඟයි.
රත්නපුර මහ නගර සභාවේ සෞඛය අංශය විසින් එම රෝගියා ගැවසු ස්ථාන විස බීජහරණයට ලක් කළ බවද සඳහන්.
එම පුද්ගලයාගේ සමිපතමයින් 130 දෙනෙකු පමණ ස්වයං නිරෝධායනයට ලක් කර ඔවුන්ගේ පි.සි.ආර් පරීක්ෂණ සිදු කිරිමටද පියවර ගෙන තිබෙනවා.
තවද, රත්නපුර ජනතාවගේ ආරක්ශාව වෙනුවෙන් සෞඛය ආරක්ෂිත වැඩපිළිවෙලක් මේවන විටත් ආරම්භ කර තිබෙන බවයි රත්නපුර නගරාධිපති ටිරෝන් අත්තනායක මහතා පැවසුවේ.


