ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ සිසුවියකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව එම විශ්ව විද්‍යාලයේ උපකුලපතිතුමා විසින් දැනුම් දී තිබෙනවා.
ඇය පානදුර රෝහලේ හෙද නිලධාරිනියකගේ දියණියක් වන අතර ඊයේ සිදුකරන ලද PCR පරීක්ෂණයෙන් ඇයට Covid 19 වැළඳී ඇති බවට තහවුරු වුණා.
මේ වන විට අදාළ කොරෝනා ආසාදිත විශ්වවිද්‍යාල සිසුවිය කොළඹ IDH රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.
කෙසේවෙතත් එම රෝහලේදී සිදුකළ PCR පරීක්ෂණයෙන් ද ඇයට කොරෝනා ආසාදිත බවට තහවුරු වී ඇති බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.


