මිනුවන්ගොඩ පිහිටි බ්‍රැන්ඩික්ස් ඇගළුම් කර්මාන්ත ආයතන සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස කම්කරු කොමසාරිස් ජෙනරාල්වරයා වෙත කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් නියෝග කර තිබේ.
රජය විසින් නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගඋපදේශ මෙරට සියලු පුරවැසියන් සේම බ්‍රැන්ඩික්ස් සමාගමටද අදාළ බවද අමාත්‍යවරයා සඳහන් කරයි.
සමාගම එම සෞඛ්‍ය නිර්දේශය අනුගමනය කර නැතිනම් නිරෝධායන නීති යටතේ ඔවුන්ට විරුද්ධව කටයුතු කරන බව සඳහන් කර ඇත.
සමාගම විසින් නිසි පරිදි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කර නැතැයි චෝදනා එල්ල වීම මත මෙම පියවර ගන්නා බව ඔහු සඳහන් කරයි.


