Type Here to Get Search Results !

ගාල්ල ධීවර වරායේ අසනීප වූ අයෙකු මියයයි – PCR පරීක්ෂණයක් සඳහා සාම්පල් ලබා ගනී


ගාල්ල ධිවර වරායේ සිටි ධිවර කාර්මිකයෙකු හදිසියේ රෝගිවි ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මියගොස් ඇති බව ගාල්ල වරාය පොලිසිය පවසනවා.

මොහු ගාල්ල ධිවර වරාය පරිශ්‍රය තුල සිටියදි පපුව රිදෙන බව පවසා ඇති අතර ඔහු ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කිරිමට කටයුතු කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදි මෙම ධීවරයා මියගොස් ඇති අතර පි.සි.ආර්. පරික්ෂණ සදහා ඔහුගේ සිරුරෙන් සාම්පල් ලබාගෙන ඇති බවද පොලිසිය පවසයි. මියගිය ධිවර කාර්මිකයාගේ හදිසි මරණ පරික්ෂණය අද (24) ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දි පැවැත්විමට නියමිතව ඇත.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads