Type Here to Get Search Results !

පුටුව අද යළි රනිල්ට


එක්සත් ජාතික පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කරන්නේ කවරෙක්ද යන්න අද (23 වැනි) තීරණය කරන බව එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන සඳහන් කළා.

එජාප ප්‍රතිසංවිධාන කටයුතු සඳහා අනුරාධපුරයේ පැවැති වැඩසටහනකට එක්වෙමින් නියෝජ්‍ය නායකයා මේ බව කියා සිටියා.

මේ අතර එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා රනිල් වික්‍රමසිංහ පත් කළ යුතු බවට එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධනගේ ප්‍රධානත්වයෙන් මහනුවර දී ඊයේ (22 වැනිදා) පැවැති රැස්වීමක දී යෝජනා වී තිබෙනවා.

එජාප හිටපු පළාත් සභා මන්ත්‍රී සේනාරත්න බණ්ඩාර විසින් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා රනිල් වික්‍රමසිංහගේ නම යෝජනා කර තිබෙන අතර එය ස්ථිර කර තිබෙන්නේ එජාප මහනුවර දිස්ත්‍රික් නායිකා ශාන්තිනී කෝන්ගහගේයි.

මෙම රැස්වීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාලිත රංගේ බණ්ඩාර, පාලිත තෙවරප්පෙරුම, සමන් රත්නප්‍රිය, සංදීප් සමරසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වී තිබෙනවා.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads