Type Here to Get Search Results !

කොළඹ කොරෝනා පාලනයෙන් ගිලිහෙයි… නගරය භයානක තැනක.. වසංගත රෝග විද්‍යා ප‍්‍රධානීට දැඩි චෝදනා..


අද වන විට කොළඹ නාගරික බල ප්‍රදේශය කොරෝනා වසංගත උවදුර විසින් ගිල ගෙන ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

කොරෝනා දෙවැනි රැල්ල පහසුවෙන් පාලනය කරගත හැකිව තිබූ අවස්ථාව ගිලිහී ගියේ වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානියා ගේ අත්තනෝමතික ක්‍රියාකලාපය නිසා යැයිද එම සංගමය පෙන්වා දෙයි.

දෙවැනි රැල්ලක් ඇති වීමේ අවදානම පසුගිය මාර්තු මාසයේදී තම සංගමය විසින් පෙන්වා දුන්න ද වසංගත රෝග විද්‍යා ඒකකය ඒ ගැන සැලකිල්ලක් නොදැක්වීම නිසා අද වන විට කොළඹ නගරය තුළ භයානක තත්වයක් නිර්මාණය වෙමින් ඇතැයි ද සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

වසංගත රෝග විද්‍යා ඒකකයට පළපුරුදු විශේෂඥ වෛද්‍යවරුන් දහයකට ආසන්න පිරිසක් අනුයුක්ත කර සිටියදී එම ඒකකයේ ප්‍රධානියා ඉන් වෛද්‍යවරු දෙදෙනෙක් පමණක් කොරෝනා මර්ධන කටයුතු සඳහා යොදා ගනිමින් අත්තනෝමතිකව කටයුතු කරන බව ද ඔහු චෝදනා කළේය.

මේ පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට දැනුම් දෙන බවද ඔහු තවදුරටත් කියා සිටියේය.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads