Type Here to Get Search Results !

මරණ ඉහල යා හැකියි.. කොළඹ මහල් නිවාසවල සංචරන වහා නවතන්නැයි දැනුම් දේ..


කොළඹ නගර සභා සීමාව තුළ මහල් නිවාසවල ජීවත් වන පුද්ගලයන් යාබද නිවාසවලට ගමන් කිරීම සම්පූර්ණයෙන් නතර කරන්නැයි වසංගත රෝග විද්‍යා අංශය ඉල්ලා සිටී.

එම අංශයේ ප්‍රධානීන් වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ මෙම මහල් නිවාස වල මේ වන තෙක් පරීක්ෂාවට ලක් නොවූ ආසාදිතයන් සිටිය හැකි බවයි.

මේ වන විටත් එවන් ආසාදිතයන් කිහිපදෙනෙක්ම හඳුනාගත් බවත් ඉන් පෙනී යන්නේ තවත් රෝගීන් එයාකාරයෙන් සිටිය හැකි බව යයිද ඒ මහතා කියා සිටියේය.

එනිසා මහල් නිවාස වල ජීවත් වන සහ අධික තදබදයක් සහිත ප්‍රදේශවල ජීවත්වන ජනතාව කිසිම ආකාරයකින් අනෙක් නිවාසවලට යෑම සම්පූර්ණයෙන්ම නවතා දමන ලෙස උපදෙස් ලබා දෙන බවද ඔහු පැවසීය.

එසේ නිවාස වලට ගමන් කිරීම හේතුවෙන් එම නිවෙස්වල සිටින නිදන්ගත රෝග ඇති පුද්ගලයන් සහ වයස්ගත පුද්ගලයන් වෛරසය ආසාදනයෙන් මිය යාමේ වැඩි ඉඩක් ඇති බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads