Type Here to Get Search Results !

ඩයනාට සහ අරවින්දට පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ අසුන් ලැබෙයි


ඩයනා ගමගේ සහ අරවින්ද කුමාර් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනාට පාර්ලිමේන්තු සභාවේ අණ්ඩු පක්ෂයේ ආසන පැනවීමට තීරණය කර තිබෙනවා.

ඒ, ආණ්ඩු පක්ෂයේ ඉල්ලීම මතයි.

ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් කතානායකවරයාගෙන් කළ ඉල්ලීමක් අනුව මෙම පියවර ගෙන ඇති බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළා.

මේ අතර ඔහු පැවසුවේ, 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ලබා දුන් සෙසු විපක්ෂ මන්ත්‍රීවරුන් 6 දෙනාට පාර්ලිමේන්තු සභාවේ විපක්ෂයේ වෙනත් අසුන් පැනවීමට පියවර ගෙන ඇති බවයි.

කෙසේ වෙතත් පසුගිය දා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කතානායකවරයා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටියේ, සිය පක්ෂයේ මතයට එරෙහිව යමින් 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ලබා දුන් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 09 දෙනාට පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ අසුන් පනවන ලෙසයි.

20 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ ඡන්ද විමසීම පසුගිය 21 වැනි දා පැවැත් වූ අතර ඊට පක්ෂව සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් වන

ඩයනා ගමගේ
අරවින්ද කුමාර්
ඉෂාක් රහුමාන්
ෆයිසාල් කාසිම්
එච්.එම්.එම් හාරිස්
එම්.එස් තවුෆික්
නසිර් අහමඩ්
ඒ.ඒ.එස්.එම් රහීම්
එම්.එම්.එම්.මුෂාරෆ් යන අය ජන්දය භාවිත කර තිබෙනවා.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads