Type Here to Get Search Results !

කොරෝනා මල සිරුරු භූමදානය කල හැකියි.. එක්සත් ජාතීන් අගමැති මහින්දට ලිඛිතව දන්වයි.. අලි සබ්රිටත් පිටපතක්..


මරණයට පත්වන කොරෝනා ආසාදිතයන් ගේ මෘත දේහය භූමදාන කිරීමට කිරීමෙන් වෛරසය ව්‍යාප්ත වන බවට සාක්ෂියක් සාක්ෂි ලැබී නැති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරයි.

එනිසා එම මෘතදේහ අවශ්‍ය භූමදානය කල හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සදහන්කර ඇතැයි කොළඹ සිටින එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප‍්‍රධානියා සදහන් කරයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත කොළඹ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සම්බන්ධීකරක හැනා සිගර් මහත්මිය විසින් මේ බව ලිඛිතව දැනුම්දී තිබේ.

විදේශ කටයුතු ඇමති දිනේශ් ගුණවර්ධන, සෞඛ්‍ය ඇමතිනි පවිත‍්‍රා වන්නිආරච්චි, අධිකරණ ඇමති අලි සබ්රි වෙතද පිටපත් සහිතව යොමු කර ඇත


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads