Type Here to Get Search Results !

මනාල යුවලටම කොරෝනා.. සහභාගී වූ සියළු දෙනා නිරෝධායනයට..


මාවනැල්ලේ තවත් අසාදිතයන් 9 දෙනෙකුට කොවිඞ් 19 රෝගය වැළදි ඇති බවත් එම රෝගින් 9 දෙනා අතර පසුගියදා මාවනැල්ලේ විවාහ උත්සවයක මනාල යුවලද වන බව මාවනැල්ල ප‍්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ගැමුණු වික‍්‍රමසිංහ මහතා පැවසිය.

ඒ අනුව මේ වන විට මාවනැල්ලෙන් වාර්තා වි සිටි අසාදිතයන් 25 ත් සමග මුළු අසාදිතයන්ගේ ගණන 34 ක් බවට පත් වි ඇති අතර නිරෝධායනයට ද පුද්ගලයන් 200 කට වැඩි පිරිසක් යොමු කර ඇති අතර එම සංඛ්‍යා ලේඛනය විටින් විට වෙනස් වන බවද කියයි. එමෙන්ම තවත් පුද්ගලයන් විශාල පිරිසකගේ පී.සී.ආර් පරික්ෂණ සිදු කිරිමට නියමිත බවද එතුමන් වැඩි දුරටත් පැවසිය.

මාවනැල්ලේ පැවැති විවාහ උත්සවයට සහභාගි වු 120 කට වැඩි පිරිසක්ද නිරෝධායනයට යොමු කර ඇත. එම විවාහ උත්සවයේ මනමාලියගේ පාර්ෂවයෙන් පැවැත්වු දිනයේදි සෞඛ්‍ය ආරක්ෂිත ක‍්‍රම අනුව විවාහ මංගල්‍ය සිදු වු බවත් දෙවැනි දින මනමාලියගේ පාර්ෂවයෙන් මාවනැල්ල ඹ්වත්ත ප‍්‍රදේශයේ පැවැති විවාහ උත්සවයේදි එම සෞඛය ආරක්ෂිත ක‍්‍රම අනුගමනය නොකර ඇති බවට මේ වන විට කරුණු වාර්තා වි ඇති බවද මාවනැල්ල ප‍්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි මහතා අප සමග පැවසිය.

අසාදිත වු මනමාලිය උදුගොඩ රෝහලට යොමු කිරිමටත් මේ වන විට කටයුතු කර ඇති අතර අසාදිත කොළඹ පොලිස් ස්ථානයක රාජකාරි කරන පොලිස් නිලධාරි මනමාල මහතාද කෑගල්ල දිසාවේ රෝගින් නේවාසිකව ප‍්‍රතිකාර ලබන රෝහලක් වෙත යොමු කිරිමට කටයුතු කරන බවද කියයි.

කෙසේ වෙතත් මේ වන විට කෑගල්ල දිස්ත‍්‍රික්කයේ කොවිඞ් 19 අසාදිතයන් 151 දෙනෙක් සහ නිරෝධායනය වන පුද්ගයන්ගේ ගණන 3031 වන බව 05 වැනි දින උදෑසන 10.30 පමන වන විට අප කල විමසිමකදි කෑගල්ල දිස්ත‍්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය කුමාර් වික‍්‍රමසිංහ මහතා පැවසිය.

– කෑගල්ල සමන් විජය බණ්ඩාර


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads