Type Here to Get Search Results !

අටමස්ථානාධිපති හිමිගේ අම්මා කාලි නම් තාත්තා හොයාදෙන්නැයි ධම්මික බණ්ඩාරට කියයි..


කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා කොරෝනා වෛරසය මර්දනයට ඖෂධයක් හඳුන්වාදීම නිසා තමන් වහන්සේලා සතුටට පත් වූයේ එය දේශීය පාරම්පරික ඖෂධයක් යයි කීම නිසා මිස කාලි මෑණියන්ගේ ඖෂධයක් යැයි කීම නිසා නොවන බව පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියෝ සඳහන් කරති.

ජයසිරි මහ බෝධියට එම ඖෂධය පූජා කිරීමට ගිය අවස්ථාවේදී අටමස්ථානාධිපති හිමියන්ට ඒ මහතා විසින් කතා කල ආකාරය පිලිගත නොහැකි බවත් උන් වහන්සේ පවසති.

අටමස්ථානාධිපති හිමියන්ගේ අම්මා කාලි මෑණියන් නම් උන් වහන්සේගේ තාත්තා කවුදැයි ධම්මික බණ්ඩාර මහතා විසින්ම පැවසිය යුතු බවත් එහිමියේ කීහ.

පාරම්පරික දේශීය වෙද ක්‍රමය තුළ කොරෝනා මර්දනය සඳහා බෙහෙත් ඇති බවත් ඒ ඉස් මතුවෙමින් පවතින බවත් එනිසා මේ ආකාරයේ නාඩගම් නවතා දැමිය යුතු බවත් උන්වහන්සේ කියා සිටියහ.

මාධ්‍ය හමුවක් අමතමිනි හිමියෝ මේ බව කියා සිටියහ.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads