Type Here to Get Search Results !

ධම්මික පැණියේ මුල්ම පරීක්‍ෂණ වාර්තාවේ ප‍්‍රතිඵල මෙන්න.. ඇමති චන්න හෙලි කරයි..


කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් කොරෝනා වෛරසය සඳහන් නිෂ්පාදනය කර ඇති ඖෂධය සම්බන්ධයෙන් මූලික පරීක්ෂණ වාර්තාව ලැබී ඇතැයි ඖෂධ නිෂ්පාදන සහ සැපයුම් නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

එම වාර්තාව අනුව මෙම ඖෂධයේ විෂ සහිත කිසිවක් නැතැයි සඳහන් වන බව ඔහු කියා සිටියේය.

නමුත් මෙතැනින් එහාට සායනික පරීක්ෂණ කිරීම සඳහා යම් ක්‍රියාවලියක් ඇතැයි පැවසූ ඇමතිවරයා එම ක්‍රියාවලිය තුළද මෙය යම් මට්ටමකට ඉදිරියට ගොස් ඇතැයිද පැවසීය.

ඒ අනුව පරීක්‍ෂණ කණ්ඩායම් එම කටයුතු ඉදිරියටද කරගෙන යමින් සිටින බවත් ඔහු කියා සිටියේය.

බටහිර හෝ ආයුර්වේද නොවන ඖෂධයක් එම වෛද්‍ය ක්‍රම දෙකෙන් පරීක්ෂණ කිරීම ගැටලු සහගත වුවත් ජනතාවගේ යම් පිළිගැනීමක් ලැබිය යුතු නිසා එසේ පරීක්ෂණ සිදුකරන බවද ඔහු සඳහන් කළේය.

ධම්මික බණ්ඩාර මහතා කියන ආකාරයට එම ඖෂධය නිෂ්පාදනය කර ඇත්තේ ඇසට නොපෙනෙන ජීව කොට්ඨාසයකින් ලැබුණු දැනුමකින් බවද පවසන ජයසුමන මහතා එහි කිසි ප්‍රශ්නයක් නොමැති බවද කියා සිටියේය.

නමුත් එම ඖෂධය විෂ රහිත නම් වෛරසයට ප්‍රතිඵලදායක නම් ඒ ගැන සොයා බැලීමේ වරදක් නැතැයි ද සඳහන් කළේය.

තමන් බටහිර වෛද්‍ය විද්‍යාව උගත් වෛද්‍යවරයෙකු වුවද ලෝකයේ ඇත්තේ එකම දැනුම පද්ධතියක් යයි කියන මතයට තමන් කිසිසේත්ම එකඟ නැතැයිද පැවසූ ඔහු මනුෂ්‍යයා ගේ ප‍්‍රශ්ණවලට පිළිතුරු දිය හැක්කේ බටහිර වෛද්‍ය විද්‍යාවෙන් පමණ යයි කියන මතය තමන් නැති බවත් පැවසීය.

බටහිර නොවන දැනුම් පද්ධති ඕනෑ තරම් ලෝකයේ ඇති බවත් ඒවායෙන්ද මනුෂ්‍යයා ගේ ප‍්‍රශ්ණවලට පිළිතුරු සපයන්න පුළුවන් යැයි යන ස්ථාවරයේ තමන්ට සිටින බවද තව දුරටත් ඔහු කියා සිටියේය.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads