අධිකරණයට අපහාස කිරීමේ වරදට වසර හතරක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියමවී සිටින රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් මාර්තු මස 18 වැනිදා දක්වා කිසිඳු පියවරක් නොගෙන දැනට පවතින තත්ත්වයෙන්ම පවත්වාගෙන යන ලෙස අභියාචනාධිකරණය අද පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට නියෝග කර සිටියා.
ඒ අනුව කලින් නිකුත් කළ අතුරු තහනම් නියෝගය තවදුරටත් දීර්ඝ කිරීමටයි අභියාචනාධිකරණය අද නියෝග කළේ.
සිය පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය අහෝසි කිරීම වලක්වන ලෙස ඉල්ලා රන්ජන් රාමනායක ගොනු කල රිට් පෙත්සම සලකා බැලූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කළා.
අර්ජුන ඔබේසේකර, මායාදුන්න කොරෙයා යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවනු ලැබුවා.


