Type Here to Get Search Results !

රන්ජන් හිරගෙදර ඇතුළෙ කෑම වර්ජනයක..


වසර 4ක බරපතළ වැඩ ඇතිව සිර දඩුවමකට යටත් කොට සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පසුගිය දිනෙක අගුණකොළපැලැස්ස බන්ධනාගාරය ඇතුළත ආහාර වර්ජනයක් ආරම්භ කොට ඇති බව දැනගන්නට තිබේ.

ඒ, තමන්ට වැසිකිළි යාම සදහා පහසු පුටුවක් ලබා දෙන ලෙස කළ ඉල්ලීම බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙනි.

රන්ජන් රාමනායක මහතාගේ දණහිසේ කලක පටන් අපහසුතාවක් පැවතීම හේතුවෙන් සමාන්‍ය වැසිකිලියක සිය කර්තව්‍යයන් සිදුකර ගැනීම අපහසු වීම මත ඒ මහතා තමන්ට වැසිකිළි යාම සදහා පුටුවක් ලබා දෙන ලෙසට ඉල්ලීමක් කර ඇත.

නමුත් බලධාරීන් ඊට ප්‍රතිචාර නොදැක්වීමත් සමග රන්ජන් රාමනායක මහතා ආහාර ගැනීමෙන් වැළකී සිට ඇති බව දැනගන්නට තිබේ.

කෙසේවෙතත් රාත්‍රී ආහාරය සහ උදෑසන ආහාරය ලබා නොගැනීමට ඒ මහතා කටයුතු කිරීමෙන් පසු බන්ධනාගාර නිලධාරීන් විසින් වැසිකිළි යාම සදහා පුටුවක් ලබා දීමට පියවර ගෙන ඇති බව පැවසේ.

නමුත් පසුව එම වැසිකිළි පුටුව බන්ධනාගාර නිලධාරීන් විසින් ඒ මහතාට ලබා දීම ප්‍රතිකේෂේප කොට ඇති බවද දැනගන්නට තිබේ.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads