Type Here to Get Search Results !

ප්‍රාදේශිය සභාවේ කොරෝනා… සභාව වසා දමයි…


බගවන්තලාව සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන නෝර්වුඩ් ප්‍රාදේශිය සභාවේ තවත් ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන් තිදෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට (17) දින තහවුරු වු නිසා එම ප්‍රාදේශිය සභාව තාවකාලිකව වසා දැමිමට පියවර ගත් බව බගවන්තලාව මහජන සෞඛ්‍යය පරික්ෂක කදිරවේල් ජේ ගනේෂ් මහතා පැවසිය.

එම ප්‍රාදේශිය සභාවේ උප සභාපතිවරයාට ,ඔහුගේ මවට ,වෙළදසැලේ සේවකයෙකුට ,නෝර්වුඩ් ප්‍රාදේශිය සභාව යටතේ පාලනය වන නෝර්වුඩ් පුස්ථකාලයේ පුස්ථකාලාධිපතිනියට සහ ඇගේ පාසල් වියේ පසුවන පුතාට ඉකුත් (13) වන දින කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට මුලින් තහවුරු විය.

එම අසාදිතයින්ගේ ළගම ආශ්‍රිතයින්ගෙන් සිදු කල පි.සි.ආර් පරික්ෂන වාර්ථා අනුව එම ප්‍රාදේශිය සභාවේ තවත් මන්ත්‍රිවරුන් තිදෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට (17) දින තහවුරු වු බවයි මහජන සෞඛ්‍යය පරික්ෂකවරයා කියා සිටියේ.

නෝර්වුඩ් ප්‍රාදේශිය සභාව මන්ත්‍රිවරුන් 21 දෙනෙකුගෙන් සමන්විතය.

– හැටන් රංජිත් රාජපක්ෂ


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads