Type Here to Get Search Results !

සති අන්තයේ සංචරණ සීමා පනවන්න ඉල්ලුවා.. නමුත් යෝජනාව පරාද වුනා..


සති අන්ත නිවාඩු දින කිහිපය තුළ පළාත් අතර සංචාරණය සඳහා සීමා පැනවූයේ නම් ජනතාවගේ අනවශ්‍ය ගමන් නතර කර ගැනීමට හැකිව තිබූ බව රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කරයි.

ගතවූ දින කිහිපයේ ආගමික හා සංචාරක ස්ථාන වල ජනතාව වැඩි වශයෙන් එක් රැස් වී සිටිනු දැකිය හැකි බවද ඇය කියා සිටියාය.

තම අභිලාෂය වූයේ ද සති අන්ත කාලයේ දී යම් සංචාරක සීමාවන් පැනවීම වුවත් එම යෝජනාව සම්මත කර ගැනීමට නොහැකි වූ බව ද ඇමතිනිය පැවසුවාය.

කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලෙස ජනතාවට පවතින තත්වයේදී කටයුතු කල යුතු ආකාරය සම්බන්ධයෙන් මාර්ගෝපදේශ නිකුත් කළ බවත් ඇය තවදුරටත් කියා සිටියාය.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads