Type Here to Get Search Results !

විශ්වාසභංගයෙන් ආණ්ඩුව බේරගන්න රනිල් ගෙනා යෝජනාව විසිවෙයි..!


අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව සියලු අමාත්‍යවරුන්ට එරෙහිව ඉදිරිපත් කරන්නක් ලෙස සංශෝධනය කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේය.

වික්‍රමසිංහ මහතා මෙම යෝජනාව ඊයේ දින මහලේකම්වරයාට බාරදී තිබූ අතර සමගි ජන බලවේගය ඊට දැඩි විරෝධය පළ කොට තිබිණ.

ඔවුන් පෙන්වා දී තිබුණේ විශ්වාසභංග යෝජනාවට අස්සන් කර හෝ නොමැති අයකුට මෙවැනි යෝජනාවක් ඉදිරිපත් කළ නොහැකි බවකි.

එමෙන්ම ආණ්ඩුව බේරාගැනීම සදහා වික්‍රමසිංහ මහතා මෙසේ යෝජනාව සංශෝධනය කිරීමට සැලසුම් කර ඇති බවද විපක්ෂය චෝදනා කර තිබිණ.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads