Type Here to Get Search Results !

අවුරුදු පහළොවේ දැරිය කපිතාන්වරුන් දෙදෙනාම හදුනාගනී..!


15 හැවිරිදි බාල වයස්කාර දැරියක් ලිංගික අපයෝජනය කිරීමේ චෝදනා යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කර තිබූ පෞද්ගලික නැව් සමාගමක නැව් කපිතාන්වරයා සහ එහි සහයක නැව් කපිතාන්වරයා, වින්දිත දැරිය විසින් අද දිනයේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවති පෙරට්ටුවේදී හඳුනා ගැනිණි.
ළමා හා කාන්තා කාර්යාංශය අධිකරණයට දැනුම් දුන්නේ , එම හඳුනා ගැනීමේ පෙරට්ටුවෙන් අනතුරුව ඔවුන් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන අවසන් බවය.

අනතුරුව ඔවුන්ට දැඩි කොන්දේසි පනවා ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය නියෝග කළා ය.

මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ, එහිදී එක් සැකකරුවෙකුට රුපියල් 25,000 බැගින් වූ මුදල් ඇප හා රුපියල් ලක්ෂ 25 බැගින් වු ශරීර ඇප 02ක් මත මුදා හරින ලෙසය.

ඉදිරි විමර්ශනවලට හෝ පැමිණිල්ලේ සාක්ෂිවලට යම්කිසි බලපෑමක් කළ බවට වාර්තා වුවහොත් ඇප අවලංගු කර නඩු විභාගය අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාරගත කරන බවට ද මහේස්ත්‍රාත්වරිය එහිදී සැකකරුවන්ට අවවාද කළා ය.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads