Type Here to Get Search Results !

ලොහාන් හිරේ දැමිය යුතු බව ආණ්ඩුවෙන්ම කියයි.. ජනපති-අගමැති තීන්දුවක් ගනීලු..


රාජ්‍ය අමති ලොහාන් රත්වත්තේ මහතා අනුරාධපුර බන්ධනාගාරයට ගොස් සිරකරුවන්ට පිස්තෝලයක් පෙන්වා බියවැද්දීම සම්බන්ධයෙන් කළ විමසීමකට පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප‍්‍රතිචාර දන්වයි.

කිසිවෙකු හෝ සිරකරුවන්ට පිස්තෝලයක් පෙන්වා දණ ගැස්වීමට කටයුතු කර ඇත්නම් ඔහු දීර්ඝ කාලීනව බන්ධනාගාරය තුළ ම නතර කිරීම සුදුසු බව ඔහු සඳහන් කළේය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ සාකච්ඡා කරන වෙලාවක මෙවන් සිදුවීම් සිදුවීම නුසුදුසු දෙයක් බව ද ඔහු පැවසීය.

මෙවන් කටයුතු මහජන නියෝජිතයකුට උචිත නොවන බව පැවසූ ඔහු ජනාධිපති අගමැති මේ සම්බන්ධයෙන් තීන්දුවක් ගනු ඇතැයිද කියා සිටියේය.

පරිසර අමාත්‍යාංශයේ දී මාධ්‍ය හමුවක් අතරතුර මාධ්‍යවේදීන් කළ විමසීමකදී ඔහු මේ බව පැවසීය.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads