නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර තිබිදී මත්පැන් හල් විවෘත කිරීම සඳහා පෙරේදා (17) සිට අවසර ලබා දී තිබෙනවා. ඒ අනුව පෙරේදා දිනයේදීම රටපුරා මත්පැන් හල් විවෘත කළ අතර මාධ්‍ය වාර්තා කර තිබුණේ විවෘත කළ මත්පන් හල් අසල විශාල පිරිස් රොක්වන ආකාරයයි.
මත්පැන් හල් විවෘත කිරීමට විරෝධය පළකරමින් කොළඹ කොටුව දුම්රියපොල ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්විණි. එම ස්ථානයට පැමිණි පොලීසිය ප්‍රකාශ කළේ ඇඳිරි නීතිය පනවා ඇති බැවින් උද්ඝෝෂණ සිදු කිරීමට ඉඩ ලබාදිය නොහැකි බවයි.
උද්ඝෝෂකයන් සහ පොලිස් නිළධාරීන් අතර උණුසුම් තත්වයක් ඇති වූ අතර උද්ඝෝෂකයන් කිහිප දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.