Type Here to Get Search Results !

කයිවාරු ගැහුවට වැඩක් නෑ.. ගුවන් තොටුපොළේ පීසීආර් හයි කළාට වැඩ නෑ.. අද ආ සියලු දෙනා නිරෝධායනයට හොටෙල්වලට යවලා..


ගුවන් තොටුපලේ ස්ථාපිත කර ඇති පීසීආර් පහසුකම වෙනුවට නිරෝධායනය සඳහා සංචාරකයින් තවමත් හෝටල් වෙත ගෙන යන බැවින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ අද අවුල් ජාලාවක් හට ගෙන ඇත.

ගුවන් තොටුපලේ පීසීආර් පරීක්ෂණ මධ්‍යස්ථානය බ්‍රහස්පතින්දා (23) සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් විවෘත කරන ලද අතර එය අද (25) සිට පරීක්‍ෂණ සඳහා ආරම්භ කිරීමට නියමිතව තිබුණි.

කෙසේ වෙතත්, සීසීආර් වේගවත් පරීක්‍ෂණය අද සිට ආරම්භ කර නොතිබූ අතර, කලින් සිදු කළ පරිදි, ගුවන් තොටුපළට පැමිණෙන සංචාරකයින් සහ සංක්‍රමණික මගීන් නිරෝධායනය සඳහා හෝටල් වෙත යැවූ බව ගුවන් තොටුපල රාජකාරි කළමනාකරු පැවසීය.

ලොව බොහෝ දියුණු ගුවන් තොටුපලවල ගුවන් තොටුපල පරිශ්‍රයේ (ගුවන් තොටුපලේ සිට කි.මී 2 ක් දුරින්) පීසීආර් රසායනාගාර පිහිටුවා ඇති බව ඔහු පැවසීය.

සංචාරකයින් සඳහා ලබා ගත හැකි පීසීආර් පරීක්ෂණ පහසුකම් පිළිබඳව රජය කළ නිවේදනයෙන් පසුව, අද එම පහසුකම් ලබා නොදීම හේතුවෙන් අවුල් ජාලාවක් මතුව තිබිණ.

හෝටල් වෙත රැගෙන යන සංචාරකයින්ට ඔවුන්ගේ PCR පරීක්ෂණ ප්‍රතිඵල ලැබෙන තුරු උපරිම වශයෙන් දින 4 ක් ගත කිරීමට සිදු වේ.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads