ලිට්‍රෝ හා ලාෆ් සමාගම් එක්කොට සියොලිට් නමින් නව ගෑස් සමාගමක් ආරම්භ කර තිබෙනවා.
ඒ, ජනාධිපතිතුමාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර හා මුදල් අමාත්‍යංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පත්කළ කමිටුවක නිර්දේශ මතයි.
ලිට්‍රෝ ගෑස් සමාගමට සියයට 75 සහ ලාෆ් ගෑස් සමාගමට සියයට 25 ක් ලෙස, එහි නියෝජනය හිමිව තිබෙනවා.
අදාළ සමාගමේ සභාපති ලෙස සුසන්ත සිල්වා මහතා පත්කර ඇතැයි වාර්තා වනවා.
එලෙස ආණ්ඩුව නව සමාගමක් පිහිටුවා ඇත්තේ රට තුළ තවදුරටත් ගෑස් හිඟයක් පවතින පසුබිමකදීයී.