Type Here to Get Search Results !

යුදහමුදා රෝහලේ ගාලගෝටියක්… මොඩානා එන්නත ඉල්ලා සරසවි සිසුන් යකා නටති..


කොරෝනා එන්නත්කරනය සිදුකරන නාරාහේන්පිට යුධ හමුදා රෝහලේ නොසන්සුන්තාවයක් අද පෙරවරුවේ ඇතිවී තිබිණි.

එන්නත් ලබා ගැනීමට එහි පැමින සිටි විශ්ව විද්‍යාල කිහිපයක සිසුන් මොඩානා එන්නත ඉල්ලා සිටීම හේතුවෙන් මෙම උණුසුම් තත්වය ඇතිවිය.

එම මධ්‍යස්ථානයේ මොඩානා එන්නත ලබා නොදෙන බව හමුදා නිලධාරියෙකු සඳහන් කර තිබුනද සිසුන් පැවසුවේ විශ්ව විද්‍යාල පරිපාලනය විසින් මොඩානා එන්නත යුද හමුදා රෝහලේදී ලඉා දෙන බවට කළ ලිඛිත දැනුම්දීමක් අනුව එම ස්ථානයට පැමිණි බවයි.

එහිදී හමුදා නිලධාරීන් සඳහන් කරන ලද්දේ මොඩානා එන්නත ලබාදී ඇත්තේ විදේශගත වීම සඳහා ගුවන් ගමන් බලපත්‍ර ලබා තිබූ සිසුන්ට බවයි. එහිදී යම් උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවී තිබිණි.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads