මෙරට සරසවි සිසුන්ට මොඩර්නා එන්නත ලබාදීමට තීරණයක් ගෙන නොමැති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.
අද උදෑසන නාරාහෙන්පිට යුද හමුදා රෝහලේ ඇති වූ තත්ත්වය සම්බන්ධයෙන් කළ විමසීමකදී යුද හමුදාපතිවරයා මේ බව සඳහන් කළා.
සිදුවීම සම්බන්ධයෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ උප කුලපතිනිය සඳහන් කළේ, අදාළ ලිපිය නිකුත් කළ ද යුද හමුදාවෙන් එසේ ලබා නොදෙන බව දැනුම්දීමෙන් අනතුරුව නොවැළැක්විය හැකි හේතුවක් නිසා අද සහ හෙට එන්නත ලබා ගැනීමට යුද හමුදා රෝහලට නොයන ලෙස ද සිසුන් දැනුවත් කළ බවයි.
එමෙන්ම විශ්වවිද්‍යාල ප්‍රතිපාද කොමිෂන් සභාවේ සම්පත් අමරතුංග මහතාගෙන් කළ විමසීමකදී පිළිතුරු දෙමින් සඳහන් කළේ විශ්වවිද්‍යාල සිසුන් සඳහා විශේෂ එන්නතක් නම් කරමින් යුද හමුදාවෙන් ඉල්ලීමක් කර නොමැති බවයි.