Type Here to Get Search Results !

අරක්කු ඔන්ලයින් බෙදිය යුතුයි.. සුරාබදු දෙපාර්තමේන්තුව කියයි..


ඇඳිරි නීතිය හෝ සංචාරණ සීමා පනවා ඇති කාලසීමාවේදී මත්පැන් විකිණීම සඳහා විකල්ප ක්‍රමවේදයක් අවශ්‍ය බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.ජේ. ගුණසිරි මහතා සඳහන් කරන්නේ මත්පැන් මාර්ගගත ක්‍රමය ඔස්සේ හෝ අලෙවි කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම වඩාත් සුදුසු වන බවයි.

රට වසා දමා ඇති සමයේ මත්පැන් අලෙවි කිරීමට නොහැකි වීමෙන් රජයට මසකට රුපියල් කෝටි 1500 ක් පමණ ආදායමක් අහිමි වන බව ද ඔහු පැවසීය.

එමෙන්ම රට වසා දමා ඇති සංවේදී සාමාන්‍ය මත්පැන් බෝතලයක් රුපියල් හාර දහසක් තරම් මිල ඉහළ දමා අලෙවි කරමින් ඇති බවත් ඔහු කියා සිටී.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads