Type Here to Get Search Results !

ඇමති DB හේරත්ගේ නිල නිවසට ලක්‍ෂ 20ක ඇදන් අරන්.. ලක්‍ෂ 50ක අලුත්වැඩියාවක්…


රාජ්‍ය අමාත්‍ය දී DB හේරත් මහතාගේ නිල නිවස සඳහා රුපියල් ලක්ෂ විස්සකට වැඩි මුදලක් වියදම් කරමින් ඇඳන් හයක් මිලදීගෙන ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා සඳහන් කරයි.

ඒවාද ඇතුළු භාණ්ඩ වර්ග හතළිස් අටක් ඔහුගේ නිල නිවස සඳහා ලබාගැනීමට අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිඛිතව දැනුම් දී ඇති බවද කරුණාරත්න මහතා පැවසීය.

එම නිල නිවස සඳහා මිලියන ගණනාවක් වියදම් කර භාණ්ඩ ලබාගෙන අවසන් බවත් එය සම්පූර්ණ නීති විරෝධී සහ සදාචාර විරෝධී කටයුත්තක් බවද ඔහු පෙන්වා දෙයි.

අමාත්‍යවරයා තම නිවසට ඇතුළු වන්නේ රුපියල් මිලියන 5 කට ආසන්න මුදලක් වියදම් කර අලුත්වැඩියාවක් සිදු කිරීමෙන් පසුව බවත් මාධ්‍ය හමුවක් අමතමින් ඔහු හෙළිදරව් කරන ලදී.

මෙම මුදල් වියදම් කිරීම සම්පූර්ණයෙන්ම රාජ්‍ය මුදල් අවභාවිතා කිරීමක් බවත් මිලදී ගැනීම් වල ලිපි ලේඛන කටයුතු නීත්‍යානුකූල ලෙස හෝ අවසන් කර නැති බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

කෙසේ වෙතත් එල්ල වන චෝදනාවට ප්‍රතිචාර දක්වමින් රාජ්‍ය ඇමති ඩී බී හේරත් මහතා සඳහන් කරන්නේ තමනට ලබා දුන් නිල නිවස වසර ගණනාවක් වසා දමා තිබූ ජරාවාස වී තිබූ නිවසක් බවයි.

අදාල අලුත්වැඩියාව රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව විසින් සිදු කර තමනට ලබාදුන් බවද පැවසූ ඔහු එහි කිසිදු සුඛෝපභෝගී භාණ්ඩයක් නැති බවත් කියා සිටියේය.

මේවා මිලදී ගැනීමේදී කිසිදු නීතියක් උල්ලංඝනය කිරීමක් සිදු කර නැති බවත් අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කරන ලදී.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads